ධම්මපදය - අත්ත වග්ගය
අත්ත දත්ථං පරෙත්ථන
බහුනාපි න හාපයේ
අත්ත දත්ථ මභිඤ්ඤාය
සදත්ථපසුතෝ සියා
බොහෝ වූ ද අනුන් පිළිබද වැඩ නිසා තමාගේ යහපතට හානි කරගත යුතු නොවේ. තමාගේ යහපතට අයත් සිල් පිරීම් භාවනා කිරීම් ආදිය මනාසේ දැනගෙන ඒ ස්වකීය නිදහස ලැබීමෙහි නිරත විය යුතුය.