ධම්මපදය - සහස්ස වග්ගය
යෝ චේ වස්සසතං ජන්තු
අග්ගිං පරිචරේ වනේ,
ඒකං ච භාවිතත්තානං
මුහුත්තම්පි පූජයේ,
සා යේව පූජනා සෙය්යෝ
යං චේ වස්සසතං හුතං.
යම් මිනිසෙක් අවුරුදු සියයක් මුළුල්ලේ වනයෙ හි නැවතී ගිනි දෙවියා පුදයි ද, යමෙක් මොහොතක් පමණ කල් වැඩූ ආත්ම ඇති ආර්ය පුද්ගලයෙකුට පූජා කෙරේ ද, ඒ දෙක අතුරෙන් අවුරුදු සියයක් කළ ගිනි පූජාවට වඩා එක් මොහොතක් ආර්ය පුද්ගලයෙකුට කළ පූජාව ම උසස්ය.