ධම්මපදය - නාග වග්ගය
මිද්ධී යදා හොති මහග්ඝසො ච,
නිද්දායිතා සම්පරිවත්තසායී,
මහාවරාහොව නිවාපපුට්ඨො,
පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
යමෙක් බොහෝසේ අනුභව කරන්නේ මැලිගතියෙන් යුක්ත වේ ද, ඒ මේ අත පෙරළි පෙරළී නිදන ස්වභාව ඇත්තේ ද, ඒ අඥානයා ඌරන්ට දෙන ආහාරයෙන් වැදුණු මහා ඌරෙකු මෙන් නැවත නැවත සසර ඉපදීමට පැමිණෙයි.